අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං ග්‍රෑම් 250
- සිහින්ව ගාගත් පොල් බෑයක්
- සීනි ග්‍රෑම් 700
- කලරින් ස්වල්පයක්
- වැනිලා ස්වල්පයක්
- කරදමුංගු කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
රුලං ටික කබලෙ බැදගන්න. භාජනයක් ළිප තබා වතුර කෝප්ප 3/4 ක් එක්කර එයට සීනි දමා උණු කරන්න. සීනි උණු වීගෙන එනවිට පොල් සහ රුලං එකතු කරන්න.
හොඳින් හැඳි ගාමින් කලරින්, වැනිලා හා කරදමුංගු කුඩු එකතුකර ගන්න. හොඳට හැඳිගාලා වතුර ගතිය අඩු වෙලා අවශ්‍ය පදමට පැමිණි පසු බටර් ගාගත් තැටියකට දාමා තුනී කරගන්න. කෑලි කපාගන්න.