අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 500
- පොල් ගෙඩි 1
- හකුරු ග්‍රෑම් 500
- එනසාල්, මහදුරු සහ කරදමුංගු සියල්ල එකතුව තේ හැන්දක් පමණ
සාදාගන්නා ආකාරය
මුලින්ම පිටි හා පොල් හොඳින් සිහින් කැට වන සේ කලවම් කරගෙන පිට්ටුව තම්බා ගන්න. දැන් තම්බාගත් පිට්ටුව කැට කඩා පැත්තක තබන්න. හකුරු ටික ළිප තබා හොඳින් උණු කරගන්න.
එයටම එනසාල්, කරදමුංගු, මහදුරු එකතු කරගන්න. පැණි පදම් වූ පසුව පිට්ටුව දමා හොඳින් මිශ්‍ර කර භාජනයේ නොගෑවී එකතු වන තරමට පිට්ටුවට පැණි උරාගත් පසුව ලෑල්ලක බටර් තවරා එයට පිට්ටුව දමා තුනී කර කෑලි කපා ගන්න.
