අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් කිලෝග්‍රෑම් 1
- මිරිස් කුඩු තේ හැඳි 3
- තුනපහ කුඩු තේ හැඳි 2
- කහ කුඩු තේ හැඳි 1/2
- රතුලූනු ග්‍රෑම් 50
- සුදුලූනු ග්‍රෑම් 10
- ඉඟුරු ග්‍රෑම් 10
- කරපිංචා ඉති 1
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි 4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- පොල් කිරි අඩුකෝප්ප 2
- එනසාල් කරාබුනැටි 4-5
- ගොරකා කැබලි 3-4
සාදාගන්නා ආකාරය
කුකුල් මස් පොඩියට කපා එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ගොරකා, ලුණු සහ ගම්මිරිස් එකතුකර සීසන් කරගන්න.
තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදුලූනු සහ රතුලූනු දමා තෙම්පරාදු කර සීසන් කරගත් කුකුල් මස් එකතුකර හොඳින් පිසගන්න. මෙයට එනසාල්, කරාබුනැටි සහ පොල් කිරි එකතුකර පියනකින් වසා පිසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/duminda-siriwardana.png)