අවශ්‍ය ද්‍රව්‍ය
- දෙකට කපාගත් චිකන් වින්ග්ස් 6
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
- සූදුරු කුඩු තේ හැඳි 2
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- තලාගත් කරදමුංගු 3
- තලාගත් කරාබුනැටි 2
- පොල්තෙල් මේස හැඳි 1
- වතුර මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකකට කොත්තමල්ලි කුඩු, සූදුරු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කරදමුංගු සහ කරාබුනැටි එකතුකර සුවඳ එනතුරු බැදගන්න. බෝල් එකකට මසාලා දමා එයට වතුර සහ පොල්තෙල් එකතුකර පේස්ට් එකක් සාදාගන්න.
චිකන් වින්ග්ස් මත පේස්ට් එක හොඳින් ආලේප කර පැය කීපයක් පමණ ශීතකරණයේ තබන්න. පෑන් එකකට තෙල් ටිකක් එකතුකර චිකන් වින්ග්ස් ටික හොඳින් රෝස්ට් කරගන්න.