අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කෝප්ප 2 1/2
- චොප් කරගත් ලූනු 1/2
- චොප් කරගත් තක්කාලි කෝප්ප 1/2
- චොප් කරගත් අමුමිරිස් 1
- චොප් කරගත් කැරට් කෝප්ප 1/2
- චොප් කරගත් බෝංචි කෝප්ප 1/4
- ග්‍රීන් පීස් කෝප්ප 1/4
- චොප් කරගත් ඉගුරු සුදුලූනු තේ හැඳි 1
- තෙල් මේසහැඳි 2
- අබ තේ හැඳි 1/4
- සූදුරු තේ හැදි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- මස්කරි පවුඩර් තේ හැඳි 1/2 – 1
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- වතුර කෝප්ප 3 1/2
- දෙහි යුෂ
සාදාගන්නා ආකාරය
පෑන් එකකට තෙල් එකතු කර එයට අබ සහ සූදුරු එකතු කරගන්න. අබ පුපුරන විට ලූනු, අමුමිරිස්, ඉඟුරු සුදු ලූනු එකතුකර බැද තක්කාලි එකතු කර හොඳින් පිස ගන්න.
මිරිස් කුඩු, මස්කරි කුඩු, ලුනු කුඩු, කහ කුඩු, කැරට්, බෝංචි සහ ග්‍රීන් පීස් එකතු කර විනාඩි 2 ක් පමණ බැදගන්න.
වතුර එකතු කර හොඳින් උණු වෙන්න හැර එයට ඕට්ස් එකතු කර හොඳින් හැඳිගාමින් උකුවෙන තුරු පිස ගන්න.
අවශ්‍ය පමණට ලුණු එකතු කර හොඳින් පිසගත් පසු ළිප නිවා එයට දෙහි යුෂ එකතුකර හොඳින් කලවම් කරන්න.