අවශ්‍ය ද්‍රව්‍ය
- බත් කෝප්ප 2
- එළඟිතෙල් මේස හැඳි 1
- අබ තේ හැඳි 1/4
- සූදුරු තේ හැඳි 1/2
- කරපිංචා ඉති 1
- ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැඳි 1/2
- චොප් කරගත් අමුමිරිස් 1
- චොප් කරගත් ලූනු ගෙඩි 1/2
- චොප් කරගත් තක්කාලි 1
- චොප් කරගත් කැරට් 1/2
- ග්‍රීන් පීස් මේස හැඳි 2
- චොප් කරගත් බෝංචි 2
- කහ කුඩු තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තාච්චියකට තෙල් එකතු කර අබ, සූදුරු, කරපිංචා, ඉඟුරු, සුදු ලූනු, අමුමිරිස්, ලූනු, තක්කාලි එකතුකර හොඳින් සොෆ්ට් වනතුරු බැද ගන්න.
කැරට්, ග්‍රීන් පීස්, බෝංචි යන්තම් බැද එයට කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු සහ ගරම් මසාලා එකතුකර විනාඩියක් පමණ බැදගන්න.
පිසගත් බත් එකතුකර ගින්දර වැඩිකර හොඳින් කලවම් කරමින් විනාඩි කීපයක් තෙම්පරාදු කර ලුණු එකතුකර ගන්න.