අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1/2
- කොටු හැඩයට කපාගත් අමුමිරිස් කරල් 3
- සිහින්ව ලියාගත් කරපිංචා ඉති 1
- තක්කාලි ගෙඩි 1/4
- ලියාගත් ලීක්ස් ස්වල්පයක්
- පොඩි කැබලිවලට කඩාගත් තම්බා ගත් ලොකු අල 1
- කහ කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- අබ ස්වල්පයක්
- තෙල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට අබ, ලූනු, අමුමිරිස්, කරපිංචා එකතුකර තෙම්පරාදු කර එයට කහ කුඩු, ලුණු, තක්කාලි එකතු කර මද වේලාවකට පසු ලීක්ස් සහ මිරිස් කුඩු එකතු කර හොඳින් බැදගන්න.
අල සහ වතුර ස්වල්පයක් එකතු කර හොඳින් හින්දවා ලුණු හා ගම්මිරිස් එකතුකරගන්න. ඉහත ආකාරයටම තෝසෙ මිශ්‍රණය සාදා තෝසෙ එක රන්වන් පාට වීගෙන එද්දි සාදාගත් මසාලා මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රවුමට නවා ගන්න.