අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳුණු කෙසෙල් ගෙඩි කිහිපයක්
- පාන් පිටි කෝප්ප 1
- පාන් කුඩු ස්වල්පයක්
- කහ ස්වල්පයක්
- වතුර ස්වල්පයක්
- රස අනුව ලුණු
- පොල් තෙල්
- වැනිලා අයිස් ක්‍රීම්
සාදාගන්නා ආකාරය
කෙසෙල් ගෙඩිවල ලෙලි ඉවත් කර දෙකට කපා පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට පාන් පිටි, කහ සහ ලුණු එකතු කර වතුර ටික ටික දමමින් බැටර් එකක් සාදා ගන්න.
දැන් කපාගත් කෙසෙල් ගෙඩි සාදාගත් බැටර් එකේ තවරා පාන් කුඩවල දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැය වනතුරු බැදගන්න. බැදගත් කෙසෙල් ගෙඩිවලට වැනිලා අයිස් ක්‍රීම් ස්වල්පයක් උඩින් දමා පිළිගන්වන්න.
