අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉදුණු ෆ්‍රෙෂ් තක්කාලි කිලෝ 1 වතුර කෝප්ප 1
- සීනි කෝප්ප 2
- කෝන් පිටි මේස හැඳි 1
- රස අනුව ලුණු
- පදමට ගම්මිරිස්
- සුදුලූනූ පේස්ට් තේ හැඳි 2
- විනාකිරි මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
මුලින්ම වතුර කෝප්පය දාමා තක්කාලි තම්බගන්න. පසුව නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කර පෙරනයකින් පෙරා මැටි බදුනක් ළිපේ තබා මද ගින්දරේ පිසගන්න.
පසුව එයට සීනි, ගම්මිරිස්, මිරිස් කුඩු, සුදු ලූනු පේස්ට්, ඉරිඟු පිටි, ලුනු සියල්ල විනාකිරි සමග බ්ලෙන්ඩ් කර තක්කාලි මිශ්‍රණය දමා හොඳින් කලවම් කරමින් පැය බාගයක් පමණ පිසගන්න.
පසුව ළිපෙන් ඉවතට ගෙන එය පිරිසිදු බෝතල් වල අසුරා ශීතකරණයේ මසක් පමණ තබා ආහාරයට ගන්න.
