අවශ්‍ය ද්‍රව්‍ය
- අමු ඉඟුරු කැබැල්ලක්
- මිරිස් කුඩු මේස හැඳි 10
- විනාකිරි මේස හැඳි 2
- කරදමුංගු 4
- සුදුලූනු බික් 5
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරාබු නැටි 2 – 3
- සීනි කෝප්ප 1/2
- අමුමිරිස් කරල් 5
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම මැටි භාජනයක් ගෙන එයට ඉඟුරු, සුදුලූනු, කුරුඳු, කරාබුනැටි, ගම්මිරිස්, එනසාල්, අමුමිරිස් සියල්ල දමා පේස්ට් එක සාදා හොඳින් අඹරාගන්න. මිරිස් කුඩු මැටි භාජනයකට දාමා එය දියාරු පදමට එනතුරු වතුර එකතු කර කලවම්කරගන්න.
එයටම විනාකිරි, ලුණු එකතු කර මද ගින්දරේ හැදිගාමින් උකු ද්‍රාවනයක් සාදාගන්න. සාදගත් පේස්ට් එක එකතු කර මද ගින්දරේ විනාඩි 2 -3 ක් පමණ තබා අවසානයේ සීනී එකතු කර හොඳින් කලවම් කර ළිපෙන් බාගන්න. ලුණු සහ සීනි රස බලා මදි නම් තව ස්වල්පයක් එකතු කර හොඳට කලවම්කරගන්න.