අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 250
- බටර් මේස හැඳි 1
- ඊස්ට් තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- ලුණු තේ හැඳි 1
- බිත්තර 2
- කැමති වර්ගයේ ෆිලින් එකක්
සාදාගන්නා ආකාරය
ඊස්ට් සහ සීනි භාජනයකට දමා මදක් රත්වෙන්නට හැර එයට වතුර ස්වල්පයක් දමා එය පිපෙන්නට විනාඩි 5 ක් පමණ තබන්න. බෝල් එකක් ගෙන එයට පිටි, බටර්, ලුණු, බිත්තර සහ ඊස්ට් දමා අතින් අනාගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා අතේ ඇලෙන පදමේ පිටි මෝලියක් සාදා ගන්න.
පසුව මෙම මෝලිය පිරිසිදු මතු පිටක් උඩ පිටි ටිකක් දමා විනාඩි 10 ක් පමණ අනාගන්න. පසුව රෝල්කර සමාන කොටස්වලට කපා එම කොටස් හොඳට රවුම් කර ගුලි ආකාරයට සකසා පිටි තැවරූ ට්‍රේ එකක් උඩ තබා රෙද්දකින් වසා විනාඩ් 30 ක් පමණ පිපෙන්න හරින්න.ඊළගට පිපුණු පිටි ගුලි ගෙන උඩ පැත්ත යටට සිටින ලෙස තබා වටේට ඇඟිලිවලින් තදකර එය මදක් විශාල කර මැද්දෙන් තද නොකර පසුව එම මැදට ඔබ සාදා ගත් ෆිලින් එක තබා ත්‍රිකෝණයක හැඩයට නවාගන්න.
මෙය තෙල් කඩදාසියක් දැමූ බේකින් තැටිය මත තබා නැවතත් වසා විනාඩි 30 ක් පමණ පිපෙන්නට හරින්න. අවන් එක විනාඩි 10 ක් පමණ ෆ්‍රී හීට් කර සාදාගත් මාළු පාන් අවන් එකට දැමීමට ප්‍රථම ඉතිරී කර ගත් බිත්තරය ගසා බනිස් මතු පිට තවරාගන්න. පසුව සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයට රත් වුණ අවන් එකක විනාඩි 15 – 20 ක් පමණ බේක් කරගන්න. පසුව අවන් එකෙන් එළියටගෙන මතුපිට බටර් ගා ගෙන වසා විනාඩි 10 ක් පමණ නිවෙන්නට හැර ආහාරයට ගන්න.
