අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් අඹ ගෙඩි 1
- සව් ග්‍රෑම් 150
- නැවුම් එළකිරි මිලි ලීටර් 100
- ටින් කිරි ග්‍රෑම් 200
- වතුර මිලි ලීටර් 500
සාදාගන්නා ආකාරය
අඹවලට ටින් කිරි දමා බ්ලෙන්ඩ් කරගන්න. සව් සහ වතුර දමා එකිනෙකට වෙන්වෙන ආකාරයට පිස නිවෙන්න හරින්න. වෙනත් සාදාගත් සව් භාජනයේ පතුලට දමා එයට උඩින් බ්ලෙන්ඩ් කරගත් අඹ මිශ්‍රණය භාජනයේ 3/4 සේ පුරවා නැවත සව් තට්ටුවක් දමා නැවුම් එළකිරි මේස හැඳි 2 ක් එක්කර කලින් වෙන් කර තබාගත් කොටු හැඩයට කැපූ අඹ කැබලි දමා පිළිගන්වන්න.
