අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් කෝප්ප 1/2
- කෑලි මිරිස් ග්‍රෑම් 100
- වියළි කූනිස්සන් ග්‍රෑම් 50
- කොටු හැඩයට කපාගත් ලූනුගෙඩි 1/2
- උම්බලකඩ ස්වල්පයක්
- සිහින්ව කපාගත් ඉඟුරු ස්වල්පයක්
- සිහින්ව කපාගත් සුදුලූනු බික් 2
- සෝයා සෝස් මේස හැඳි 1/2
- සීනි මේස හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ පෑන් එකකට ලූනු, සුදුලූනු, ඉඟුරු දමා රන්වන් පාට වනතෙක් බැදගන්න. පසුව කූනිස්සන් සහ උම්බලකඩ ටිකද බැද එයට කෑලිමිරිස්, සීනි, සෝයා සෝස්, සහ ලුණු එකතු කර කලවම් කර කලින් බැදගත් ලූනු, සුදු ලූනු එකතු කරගන්න.