අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 750
- බිත්තර 2
- කොන් පිටි මේස හැඳි 3
- පාන් පිටි මේස හැඳි 10
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- මිරිස් කුඩු තේ හැඳි 2
- සුදූලූනු පවුඩර් තේ හැඳි 1/2
- චොප් කරගත් සුදූලූනු බික් 2
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් බේල් පේපර් ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් අන්නාසි කැබැල්ලක්
- කපාගත් මාළු මිරිස් කරල් 3
- තක්කාලි සෝස් මේස හැඳි 9
- විනාකිරි මේස හැඳි 2
- දුඹුරු සීනි මේස හැඳි 4
- රස අනුව ලුණු
- කෑලි මිරිස් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට බිත්තර, කෝන් පිටි, පාන් පිටි, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු සහ සුදුලූනු පවුඩර් දමා හොඳින් කලවම් කර සීසන් වෙන්න තබන්න. සීසන් කරගත් කුකුල් මස් බැදගන්න.
තෙල් රත්වූ පෑන් එකකට කපාගත් සියල්ල දමා හොඳින් කලවම් කර එයට සෝස් වර්ග සියල්ල, සීනි හා කෑලි මිරිස් දමා තික් සෝස් එකක් සාදා අවසානයට කුකුල් මස් දමා කලවම් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sapumal-wijesinghe.png)