අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල්මුව ග්‍රෑම් 500
- ලූනු ග්‍රෑම් 200
- කරපිංචා ඉති 2
- කෑලි මිරිස් තේ හැඳි 2
- සියඹලා යුෂ මේස හැඳි 2
- සීනි මේස හැඳි 1
- රස අනුව ලුණු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
කෙසෙල්මුව සිහින්ව කපා එයට ලුණු හා කහ එකතුකර සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. කපාගත් ලූනුද රන්වන් පාට වනතුරු බැදගන්න. භාජනයකට තෙල් එකතුකර සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කරගන්න.
