අවශ්‍ය ද්‍රව්‍ය
- කැකුළු හාල් කිලෝග්‍රෑම් 1
- පොල් ගෙඩියක මිටි කිරි
- තලාගත් සුදුලූනු බික් 2
- නිල් කටරොඩු මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සහල් සෝදා සාමාන්‍ය බත පිසන ආකාරයට පිස එයට සුදුලූනු එකතුකරගන්න. වතුර හිදුනු පසුව බත් එක දෙකට බෙදා භාජන දෙකකට දමා එක කොටසකට පොල්කිරි අඩක් හා ලුණු එකතුකර විනාඩි 10 ක් පමණ පිසගන්න.
ඉතිරි කිරිබත් කොටසට නිල් කටරොඩු, ඉතිරි පොල් කිරි හා ලුණු එකතුකර විනාඩි 10 ක් පිසගන්න.දැන් සුදු කිරිබත් ටික මුලින්ම තුනී කර එයට උඩින් නිල් කටරොඩු කිරිබත් දමා තුනීකර කෑලි කපා ගන්න.
