අවශ්‍ය ද්‍රව්‍ය
- පොලොස් ගෙඩියක්
- රතු ලූනු ග්‍රෑම් 100
- අමු මිරිස් ග්‍රෑම් 50
- තරමක ලොකු ඉඟුරු කැබැල්ලක්
- එනසාල් 5
- කරාඹු නැට්ටක්
- අබ තේ හැඳි 2
- විනාකිරි මේස හැඳි 1
- රස අනුව ලුණු
- බැදපු මිරිස් කුඩු
- කහ
සාදාගන්නා ආකාරය
පොලොස් තීරු ලෙස කපා එයට කහ සහ ලුනු මිශ්‍ර කර පදම් වෙන්න හැර ස්වල්ල වේලාවකට පසු ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද එයට අමු මිරිස්, ලූනු තෙලෙන් බැදගන්න. ඉඟුරු, එනසාල් එකට අඹරා ගන්න. අබ, විනාකිරි එකට අඹරා ඉඟුරු එනසාල් මිශ්‍රණයට එකතු කරගන්න.
එම මිශ්‍රණයටම බැදපු මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. දැන් පොලොස්, අබ, විනාකිරි මිශ්‍රණය, ඉඟුරු මිශ්‍රණය, ලූනු, අමු මිරිස් එකට එකතු කර හොඳින් මිශ්‍ර කර අවසානයේදී රස අනුව ලුණු එක්කර ගන්න. මැටි මුට්ටියක දමා වසා තබා අවශ්‍ය වෙලාවට කෑමට ගන්න.( අදාල ද්‍රව්‍ය ප්‍රමාණයන් එකිනෙකාගේ රස අනුව වෙනස් විය හැකියි.)
