අවශ්‍ය ද්‍රව්‍ය
- ගෝවා මල් ග්‍රෑම් 500
- බී ලූනු ගෙඩි 2
- මාළු මිරිස් කරල් 2
- තක්කාලි ගෙඩි 2
- සෝස් කොප්ප 1
- සෝයා සෝස් තේ හැඳි 2
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1
- කෑලි මිරිස් මේස හැඳි 3
- කුරුදු කැබැල්ලක්
- එනසාල් ඇට දෙකක්
- තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
- බිත්තර 2
- පාන් පිටි ග්‍රෑම් 100
- කෝන් පිටි ග්‍රෑම් 50
- පොල්තෙල්
- සීනි මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ගෝවා මල් සෝදා පිරිසිදුකර වතුර බේරෙන්න තියන්න. ලූනු, තක්කාලි, මාළු මිරිස් කොටු හැඩයට කපාගන්න.පාන්පිටි, බිත්තර, ලුනු කුඩු එකතුකර උකු බැටර් එකක් සාදා ගෝවාමල් බැටර් එකේ තවරා ගැඹුරු තෙලේ බැදගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් එකතුකරගන්න.
තෙල් රත් වීගෙන එනවිට එයට තලාගත් ඉඟුරු සුදුලූනු, කුරුඳු, එනසාල් එකතුකරගන්න. පසුව එයට සෝයාසෝස්, සීනි, ගම්මිරිස් කුඩු, කෑලිමිරිස් එකතුකර සෝස් මිශ්‍රණය හොඳින් උතුරවා එයට තක්කාලි එකතුකර හොඳින් කලවම් කර ළිප නිවා එයට බැදගත් ගෝවා මල්, මාළු මිරිස්, ලූනු එකතුකර හොඳින් කලවම් කරගන්න. අවසානයේ රස අනුව ලුණු එකතුකර උණුවෙන්ම රස බලන්න.
