අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුල්මස් ග්‍රෑම් 500
- පොඩියට කපාගත් ලූනූ ගෙඩි 1
- පොත්ත ඉවත් කර පොඩි කරගත් තක්කාලි ගෙඩි 2
- ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 2
- කහකුඩු තේ හැඳි 1/2
- සූදුරු තේ හැඳි 1/2
- ගරම් මසාලා කුඩු තේ හැඳි 1
- ලුණු
- බේලීව් කොළ 1
- කරදමුංගු ඇට 5
- කරාබු නැටි ඇට 5
- කුරුඳු කැබැල්ලක්
- අබ තේ හැඳි 1/2
- වියළි මිරිස් කරල් 3
- ගී හෝ තෙල්
- දෙහි යුෂ ස්වල්පයක්
- යෝගට් කප් එකක්
සාදාගන්නා ආකාරය
පළමුව මස්වලට දෙහි යුෂ, ලුනු, මිරිස් කුඩු සහ කහ කුඩු ස්වල්පයක් දමා හොඳින් කලවම් කර පසකින් තබන්න. (හැකි නම් ශීතකරණයේ පැයක් පමණ තබන්න) භාජනයක් රත්වන්නට තබා එයට අබ, බේලීව්, කුරුඳු, එනසාල්, කරාබු නැටි, වියළි මිරිස් දමා බැදෙන්න හරින්න.අබ පුපුරා මිරිස් බැද සුවද එන විට එයට ගී හෝ තෙල් එක් කරන්න. ඒ සියල්ල තෙලේ බැදෙන විට එයට කපාගත් ලූනු, ඉගුරු, සුදු ලූූනු පේස්ට්, මිරිස්, කහ, සූදුරු එක් කරන්න.සියල්ල හොඳින් මිශ්‍රකර තෙම්පරාදු කරගන්න. ලුනු, තුනපහ හොඳින් තෙම්පරාදු වූ විට එයට යෝගට් හෝ මී කිරි එක් කර හොඳින් කලවම් කරන්න.
මද ගින්දරේ තෙල් මතුවනතුරු පිස එයට පොඩිකරගත් තක්කාලි එක් කර මද ගින්දරේ මද වේලාවක් උයා එයට ගරම් මසාලා එක් කර පියනකින් වසා තෙල් වෙන් වනතුරු පිසගන්න. එයට පදම් කරගත් මස් එක් කර හොඳින් කලවම් කර පියනකින් වසා මද ගින්දරේ මස් මොලොක් වනතුරු උයා ගන්න. හොදි ගතිය අවශ්‍ය නම් වතුර ස්වල්පයක් දමා පිසගන්න. අවසානයේ කැමතිනම් කොත්තමල්ලි කොළ ස්වල්පයක් කුඩාවට කපා උඩින් දමා ගන්න.
