අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ඉස්සෝ ග්‍රෑම් 500
- අමුමිරිස් කරල් 10
- තලාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 2
- අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
- රම්පෙ කරපිංචා
- කහකුඩු තේ හැඳි 1/2
- කෑලි මිරිස් මේස හැඳි 4
- දෙහි ගෙඩියක යුෂ
- පොල්තෙල් මේස හැඳි 5
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඉස්සෝ හොඳින් සෝදා පිරිසිදු කරගන්න. අමුමිරිස් වෙන් නොවෙන සේ මැදින් පැලුමක් දාන්න. මැටි හට්ටියක් ළිප තබා රත්වන විට එයට පොල්තෙල් එකතු කරගන්න. තෙල් රත්වෙද්දි ඉස්සෝ එකතුකර ඉස්සෝවල දිය ගතිය හිඳෙන තුරු තියා තෙලේ බැඳෙන්න දෙන්න.
ඉන්පසු එයට කුරුඳු, තලාගත් ඉඟුරු සුදුලූනු, රම්පෙ කරපිංචා, කහකුඩු, රස අනුව ලුණු එකතුකර කලවම් කරගනිමින් විනාඩි පහක් පමණ හොඳින් බැදගන්න. පසුව එයට අමුමිරිස්, කෑලිමිරිස්, දෙහි යුෂ එකතුකර හොඳින් කලවම් කරගන්න. අමුමිරිස් කොළ පාටට තියෙද්දිම ළිපෙන් ඉවත් කර උණුවෙන්ම රස බලන්න.
