අවශ්‍ය ද්‍රව්‍ය
රුලං ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 450
ගාගත් පොල් ග්‍රෑම් 250
කුඩු කරගත් කරදමුංගු ස්වල්පයක්
උණු වතුර මිලිලීටර් 375
රස අනුව ලුණු
කැරමල් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 50
උණු වතුර කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
සීනි ග්‍රෑම් 450 පෑන් එකකට දමා කැරමල් කර එයට උණු වතුර කෝප්ප 1/4 දමා කැරමල් එක සාදාගන්න.රුලං හා පොල් හොඳින් කබලේ බැද ඉහත සාදාගත් කැරමල් මිශ්‍රණයට ඉතිරි සීනි හා උණු වතුර දමා උකු මිශ්‍රණයක් සාදා එයට කබලේ බැදගත් පොල්, රුලං, ලුණු හා කරදමුංගු එකතුකර පදම එනතෙක් මිශ්‍ර කරගන්න. තැටියකට තෙල් කඩදාසියක් දමා බටර් තවරා සාදාගත් මිශ්‍රණය දමා නිවුණු පසු කෑලි කපාගන්න.