අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි ග්‍රෑම් 500
පොල්කිරි කෝප්ප 1
දවුල් කුරුඳු ග්‍රෑම් 500
ලුණු තේ හැඳි 1
හකුරු ග්‍රෑම් 200
ගැඹුරු තෙලේ බැඳීමට තෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම හාල් පිටි දෙතුන්වරක් හලා ලුණු මිශ්‍රකර පසෙකින් තබා ගන්න. නානු සාදා ගැනීම සඳහා පොල්කිරි මිරිකා ශ්‍රාවය ගෙන රෙදි කැබැල්ලකින් පෙරා පසෙකින් තබා ගන්න. නානු මිශ්‍රණය පිටිවලට එකතුකර හොඳින් මිශ්‍රකර අතින් ඉස්සූ පසු නූලක් සේ පහළට වැටෙන පදවම අනා ගන්න.
දැන් සිදුරු විද පිරිසිදු කළ පොල් කටුවකට මිශ්‍රණය දමා රත්වූ තෙලට මිශ්‍රණය නූලක් සේ තාච්චිය මතුපිටට වැටෙන සේ වක්කර උඩට මතුවූ විගස යටින් හැන්ද දමා දෙකට නවා බැඳ ගන්න. සාදාගත් ආස්මි හුලං නොවදින භාජනයක දමා අසුරා තෙල් පෙරීම සඳහා දින 3 ක් පමණ තබන්න.6 දින 3 කට පසු ගාගත් හකුරු ළිප තබා වතුර ස්වල්පයක් එක්කර දියකර පසෙකින් තබා ගන්න.
දැන් නැවත නැවත ආස්මි ගැෑඹුරු තෙලේ බැඳීම සඳහා තෙල් රත්කර එයට තෙල් පෙරෙන්ට තබාගත් ආස්මි එකින් එක එක් කර අනෙක් පස නොහරවා ඉතා ඉක්මනින් ඉවතට ගන්න.දැන් පෙර දියකරගත් හකුරු දිගත් ආස්මි උඩින් වක්කර ගන්න.