අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 400
- පාන් පිටි ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 150
- පැණි කෝප්ප 2
- ලුණු තේ හැඳි 1/2
- මාදුරු තේ හැඳි 1/2
- වැනිලා තේ හැඳි 1
- බැදගැනීම සඳහා තෙල්
සාදාගන්නා ආකාරය
හාල්පිටි හා පාන් පිටි එකට හලා පසෙකින් තබා ගන්න. දැන් වෙනම සීනි සහ පැණි උණුකර නිවාගෙන පසෙකින් තබාගත් පිටිවලට ටිකෙන් ටික එක්කර මිශ්‍රකර එයටම ලුණු සහ මාදුරු දමා උකු මිශ්‍රණයක් සාදා පැය 2 ක් පමණ පිපෙන්න හරින්න.
තෙල් රත්වූ තාච්චියකට හැන්දකින් පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් වත්කර තැම්බී පිපීගෙන එන විට ඉරටුවක් ගෙන කැවුමේ හරි මැදින් සිදුරු කර හැන්දෙන් තෙල් ඉසින ගමන්ම ඉරටුව අතින් හරවමින් ඇතුළේ පිටි උඩට එනසේ කොණ්ඩය සාදාගන්න. පසුව තෙල් බේරා ඉවතට ගන්න.