අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් පිටි ග්‍රෑම් 200
- පාන් පිටි ග්‍රෑම් 100
- ගාගත් පොල් ග්‍රෑම් 150
- ගාගත් හකුරු ග්‍රෑම් 150
- කපු ග්‍රෑම් 50
- කුරුඳු කෑලි 1
- රස අනුව ලුණු
- කැන්ද කොළ හෝ සුදුසු කොළ වර්ගයක්
සාදාගන්නා ආකාරය
කුරක්කන් පිටි, පාන්පිටි, ලුණු සහ වතුර එකතුකර රොටි මිශ්‍රණය ආකාරයට මිශ්‍රණයක් සාදාගන්න. භාජනයක් ළිප තබා එයට හකුරු සහ වතුර ස්වල්පයක් එකතුකර උණුකර ගන්න. දැන් මෙයට කජු සහ ඉතිරි සියල්ල දමා පැණි පොල් සාදා ගන්න. දැන් කැන්ද කොළවලින් ගොටු සාදා එයට කුරක්කන් මිශ්‍රණය පුරවා මැද සිදුරක් සාදා පැණි පොල් දමාගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/09/sujith-ariyarathne.png)