අවශ්‍ය ද්‍රව්‍ය
- බැද කොටාගත් මුං ඇට ග්‍රෑම් 500
- බැදගත් හාල්පිටි ග්‍රෑම් 200
- පැණි කෝප්ප 1 1/2
- සීනි ග්‍රෑම් 150
- වතුර කෝප්ප 1/2
- ලුණු තේ හැඳි 1
- බැදගැනීමට තෙල්
පිටි මිශ්‍රණය සඳහා
හාල් පිටි ග්‍රෑම් 200
පොල් කිරි කෝප්ප 3/4
බිත්තර 2
පිටි මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල පිටි කැට නොසිටින සේ හොඳින් මිශ්‍රකර දිය කරගන්න.
සාදාගන්නා ආකාරය
සීනි හා පැණි එකට උණුකර අඩක් ඉවත් කර පසෙකින් තබාගන්න. ළිපේ තිබෙන පැණි මිශ්‍රණයට හාල් පිටි, මුං පිටි හා ලුණු එකතුකර හොඳින් මිශ්‍ර කර මිශ්‍රණයෙ තද ගතිය වැඩිනම් පෙර පසෙකින් තබාගත් පැණි මෙයට දමා මිශ්‍රකර තරමක් මෘදු මිශ්‍රණයක් සාදා ගන්න. දැන් එම මිශ්‍රණය පිටි ඉසගත් ලෑල්ලක තුනීකර අඟල් 1 1/4 ක පමණ ඝණකමට දියමන්ති හැඩති කැබලි කපා පිටි මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ බැඳගන්න.