අවශ්‍ය ද්‍රව්‍ය
- කකුළුවො ග්‍රෑම් 500
- ලොකු ලූනු ගෙඩි 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
- සියඹලා යුෂ ස්වල්පයක්
- මිරිස් තුනපහ පේස්ට් එක සඳහා
- මිරිස් කරල් 6-7
- තුනපහ කුඩු තේ හැඳි 3/4
- කහකුඩු තේ හැඳි 1/4
- සුදු ලූනු බික් 4-5
- ගාගත් පොල් කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
කකුළුවො සුද්ද කර එයට ලුණු සහ ගම්මිරිස්කුඩු දමා තම්බාගන්න. තුනපහ පේස්ට් එකට අවශ්‍ය සියල්ල ග්‍රයින්ඩ් කර පේස්ට් එක සාදා පැත්තකින් තබන්න. භාජනයක් ළිප තබා තෙල් රත්වූ පසු කපාගත් ලූනු දමා බැදෙන්න හරින්න. එයට තුනපහ පේස්ට් එක එකතු කර කලවම් කර කකුළුවො සහ සියඹලා යුෂ, කකුළුවො තම්බාගත් වතුර ස්වල්පයක්ද දමා හින්දවා ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sujith-ariyarathne.png)