අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 200
- පාන් පිටි ග්‍රෑම් 65
- ලුණු තේ හැඳි 1/4
- මාදුරු තේ හැඳි 1
- හකුරු ග්‍රෑම් 200
- උණු වතුර කෝප්ප 1/2
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
හකුරුවලට උණු වතුර එකතු කර හොඳින් දිය කරගන්න. බෝල් එකකට හාල් පිටි, පාන් පිටි, ලුණු සහ මාදුරු එකතුකර හොඳින් කලවම් කරගන්න. හකුරු මිශ්‍රණය එකතු කර අවශ්‍ය නම් වතුර දමා කැවුම් පදම සාදාගන්න. පෑන් එකක් ළිප තබා තෙල් එකතු කර රත් කර ලුණු තේ හැඳි 1/4 රත් වූ තෙලට වක් කරන්න. හොඳින් තෙල් ඉසගන්න. කැවුම පිම්බී උඩට ආ පසු දෙපැත්ත හොඳින් බැද ගන්න.