අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කෝප්ප 2
- වතුර කෝප්ප 1/2 – 1
- පොල් බෑයක පොල්
- වතුර කෝප්පයක්
- හාල් පිටි මේස හැඳි 3
- හකුරු ග්‍රෑම් 500
- වතුර කෝප්ප 3/4
- ලුණු තේ හැඳි 1/4
- කුඩු කරගත් එන්සාල් ඇට 8
- කජු ඇට 15-20
- පොල්තෙල් මේස හැඳි 5 -7
සාදාගන්නා ආකාරය
පොල්වලට වතුර එකතුකර හොඳින් ග්‍රයින්ඩ් කර පොල්කිරි සාදාගන්න. බත් සහ වතුර වෙනම ග්‍රයින්ඩ් කර පොල් කිරි ටිකත් එකතු කර හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. බෝල් එකකට හාල් පිටි එකතු කර කලවම් කරගන්න.
පෑන් එකකට හකුරු, වතුර සහ ලුණු එකතු කර හකුරු දියකර උණුකර හැඳිගාමින් බත් පොල්කිරි මිශ්‍රණය එකතු කර හැඳිගාන්න. තරමක් උකු වූ පසු එන්සාල් කුඩු සහ කජු එකතුකර පෑන් එකේ නොඇලෙන පදමට ආ පසු තෙල් මේස හැන්ද බැඟින් එකතු කර තෙල් උරා ගන්නා තෙක් කලවම් කරන්න. තෙල් උරා නොගන්නා පදමට ආ පසු තැටියකට මාරු කර නිවා කෑලි කපා ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)