අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 300
- බණ්ඩක්කා ග්‍රෑම් 300
- පොල් මේස හැඳි 3-4
- අවශ්‍ය පමණට වතුර
- පොල් කිරි කෝප්ප 1/5
- රස අනුව ලුණු
- සීනි ග්‍රෑම් 200
- වතුර කෝප්ප 1/2
- රෝස පාට ෆුඩ් කලරින්
- වැනිලා තේහැදි 1/2
සාදාගන්නා ආකාරය
බණ්ඩක්කා කුඩා කැබලිවලට කපාගන්න.බණ්ඩක්කා, පොල් සහ වතුර යාන්තම් එකතු කරමින් අතින් පොඩි කරමින් නානු සාදා ගන්න. හාල් පිටිවලට ලුණු සහ පොල් කිරි එකතු කර ඉඳිආප්ප මිශ්‍රණයේ පදමට සාදාගෙන එයට නානු එකතු කරමින් ඇඟිලි විහිදුවා එසවූ විට කැඩෙන්නෙ නැතිව තුනීව වැටෙන ලෙස පදම සාදා ගන්න. තාච්චියකට 3/4 ක් තෙල් එකතු කර තෙල් හොඳින් රත් වූ පසු ඇගිලි මිශ්‍රණයට දමා රවුමට තාච්චියට වක්කරන්න.
කිහිපවරක් එසේ කර කූරක් සහ හැන්දක ආධාරයෙන් දෙකට නවා දෙපැත්තම හොඳින් බැද ගන්න. තෙල් හොඳින් බේරා ඉවතට ගෙන ලොකු මැටි හට්ටියක තබා සති 2 ක් වසා තබන්න. නැවත තෙල් රත් කර දෙපැත්තම බැද ගන්න. එවිට හොඳින් පිම්බිගෙන එනවිට එයට සීනි, වතුර, ෆුඩ් කලරින් සහ වැනිලා පොඩි තාච්චියකට එකතු කර හොඳින් නූල ඇදෙන පදමට පැණි සකස් කර ගන්න. ආස්මි උඩ කැමති හැඩයකට පැණි එකතු කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)