අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පාස්ටා කෝප්ප 1
- පාට 3 කින් කපාගත් බෙල්පෙපර්
- එළවළු තෙල් මේස හැඳි 2
- කපාගත් ලූනු ගෙඩි 1
- තක්කාලි පේස්ට් මේස හැඳි 3
- තක්කලි සෝස් මේස හැඳි 2
- සෝයා සෝස් මේස හැඳි 1
- තම්බාගත් බිත්තර 3
සාදාගන්නා ආකාරය
භාජනයකට තෙල් ස්වල්පයක් එකතුකර එයට කපාගත් බෙල්පෙපර් හා ලූනු එකතු කර හොඳින් ෆ්‍රයි කරගන්න. ලූනු හොඳින් තෙම්පරාදු වූ පසු තක්කාලි පේස්ට් සහ සෝයා සෝස් එකතු කරගන්න. පසුව එයට රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දමා බිත්තර කෑලි කපා මිශ්‍රණයට දමාගන්න. තම්බාගත් පාස්ටා ටික එකතු කර මිශ්‍ර කර ළිප නිවාගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/riska-rasik-1.png)