අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- කපාගත් ලූනු ගෙඩි 1
- කපාගත් සුදුලූනු බික් 2
- බටර් මේස හැඳි 2
- තෙල් ස්වල්පයක්
- චිකන් කියුබ් 1
- වතුර කෝප්ප 1 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට ලූනු, සුදු ලූනු සහ බෙල්පෙපර් එකතුකර මද වෙලාවක් තෙම්පරාදු කර එයට වතුර, සහ චිකන් කියුබ් එකතුකර ලුණු හා ගම්මිරිස්කුඩු ඉස පියනකින් වසා විනාඩි 5 ක් පමණ හොඳින් තම්බාගන්න. අවසානෙයේ ළිපෙන් ඉවත් කර නිවුණු පසු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
