අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් කිලෝග්‍රෑම් 1
- සුදු ලූනු ග්‍රෑම් 20
- ලූනු ග්‍රෑම් 50
- ඉඟුරු ග්‍රෑම් 20
- මිරිස් කුඩු ග්‍රෑම් 20
- ගම්මිරිස් කුඩු ග්‍රෑම් 5
- තුන පහ ග්‍රෑම් 5
- කහ කුඩු ග්‍රෑම් 2
- පොල් කිරි අඬු කෝප්ප 1
- අවශ්‍ය පමණට තෙල්
- වතුර ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස් පොඩියට කපා ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු එකතුකර සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. පසුව වෙනත් භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් එකතුකර රත්වන විට ලූනු, සුදු ලූනු, ඉඟුරු සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා තෙම්පරාදු කර පොල් කිරි හා අවශ්‍ය පමණට වතුර එකතුකර උතුරවාගන්න. එයට බැදගත් කුකුල් මස් දමාගන්න.
