අවශ්‍ය ද්‍රව්‍ය
- අල ග්‍රෑම් 500
- සුදු ලූනු ග්‍රෑම් 10
- ලූනු ග්‍රෑම් 25
- උළු හාල් තේ හැඳි 1/2
- අඹරාගත් අබ තේ හැඳි 1
- කරපිංචා ඉති 1
- මිටි කිරි අඬු කෝප්ප 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
අල ගෙඩි පිටින් තම්බා පොතු හැර කැබලි කපාගන්න. පසුව සුදුසු භාජනයක් ළිප තබා එයට මිටි කිරි හා අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා උතුරාගත් පසු තම්බාගත් අලද එකතුකර හැඳි ගාමින් නැවත වරක් උතුරවාගන්න.
