අවශ්‍ය ද්‍රව්‍ය
- බිම්මල් ග්‍රෑම් 300
- හාල් පිටි ග්‍රෑම් 100
- පොඩියට කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 100
- පොඩියට කපාගත් ලූනු කොළ ග්‍රෑම් 50
- මිරිස් කෑළි ග්‍රෑම් 15
- සීනි තේ හැඳි 1/2
- බටර් තේ හැඳි 2
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
බිම්මල් පොඩියට ඉරාගෙන එයට ලුණු, ගම්මිරිස් සහ හාල් පිටි දමා ගැඹුරු තෙලේ බැදගන්න. ළිප තැබූ භාජනයකට බටර්, මාළු මිරිස්, මිරිස් කෑළි හා අනෙකුත් සියලුම ද්‍රව්‍ය සමග බැදගත් බිම්මල් ද එකතු කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/09/sujith-ariyarathne.png)