අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් බෝංචි ග්‍රෑම් 300
- රතු ලූනු ග්‍රෑම් 30
- සුදු ලූනු ග්‍රෑම් 10
- අමු මිරිස් කරල් 2
- කහ කුඩු තේ හැඳි 1/2
- අබ ඇට තේ හැඳි 1/2
- කරපිංචා ඉති 1
- පොල් තෙල් මේස හැඳි 1
- මිටි කිරි අඬු කෝප්ප 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- පොල් කිරි අඬු කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට තෙල් එකතුකර රත්වන විට අබ ඇට හා උළු හාල් දමාගන්න. මද වේලාවකට පසු රතු ලූනු සහ සුදු ලූනු එකතුකර තෙම්පරාදු කරගෙන අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා උතුරවාගන්න.