අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 100
- බිත්තර 4
- බේකින් පවුඩර් තේ හැඳි 1
- වැනිලා තේ හැඳි 2
- කුකින් ඔයිල් මේස හැඳි 2
- සාදාගත් විපින් ක්‍රීම් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම බිත්තර සුදු මද සහ කහ මද වෙන් කරගන්න. සුදු මද කේක් මිශ්‍රණය සාදන භාජනයට දමා බීට් කර පෙන එන විට සීනි ස්වල්පය බැගින් වරින් වර එකතුකර උපරිම වේගයෙන් බීට් කරගන්න. දැන් එම මිශ්‍රණයට කහ මද එක බැඟින් එකතුකරන අතරතුර හොඳින් බීට් කර වැනිලා දමා නැවත බීට් කරගන්න.
බේකින් පවුඩර්, පිටි සහ කුකුන් ඔයිල් එකතුකර කට් ඇන්ඩ් ෆ්ලොඩ් ක්‍රමයට මිශ්‍ර කරගන්න. මිශ්‍රණය තුනියට සිටින සේ තැටියකට දමා මිනිත්තු 20 ක් පුළුස්සාගන්න. එය නිවුණු පසු විපින් ක්‍රීම් තවරා ප්‍රවේශමෙන් ඔතා මිනිත්තු 45 ක් පමණ ශීතකරණයේ තබන්න.