අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 250
- පිටි ග්‍රෑම් 250
- බිත්තර 4
- බේකිං පවුඩර් තේ හැඳි 2
සාදාගන්නා ආකාරය
බටර් සහ සීනි එකට බීට් කර පසුව බිත්තර එකින් එක දමා සීනි දියවෙනතුරු බීට් කරගන්න. එයට බේකිං පවුඩර් දමා සකසා ගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් එක් කර තත්පර 45 ක් වැඩි වේගයෙන් බීට් කර අඟල් 8 ක තැටියකට දමා සෙල්සියස් අංශක 180 වක උෂ්ණත්වය යටතේ මිනිත්තු 45 ක් බේක් කර ගන්න.
