අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 125
- සීනි ග්‍රෑම් 125
- බටර් ග්‍රෑම් 100
- බිත්තර 2
- වැනිලා තේ හැඳි 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 1/2
- කැමති පාටකින් කලරින් ස්වල්පයක්
- කිරි මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
භාජනයකට සීනි සහ බටර් දමා ක්‍රීම් එකක් වනතුරු බීට් කරගන්න. බිත්තර දෙකේ කහ මද සහ සුදු මද වෙන් කර සාදාගත් මිශ්‍රණයට බිත්තර කහ මද 2 ක සැරින් සැරේ එකතු කර බීට් කරගන්න. වැනිලා, හලාගත් පාන් පිටි සහ බේකින් පවුඩර් ටික ටික එකතු කර උයසින එකකින් කවලම් කර ගන්න.
කිරි එකතුකරගන්න. බිත්තර සුදු මද දෙක වෙනම බීට් කර එයත් කේක් මිශ්‍රණයට එකතු කර කවලම් කරගන්න. මිශ්‍රණය සමාන භාජන 3 කට වෙන් කර කලරින් එකතු කරගන්න. සමාන බේක් ට්‍රේ 3 කට දමා සෙල්සියස් අංශක 175 ක උෂ්ණත්වය යටතේ විනාඩි 35-45 බේක් කරගන්න.
