අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 250
- පිටි ග්‍රෑම් 250
- බිත්තර 4
- කිරි මේස හැඳි 4
- බේකිං පවුඩර් තේ හැඳි 2
- තිරිඟු පිටි මේස හැඳි 1
- වියළි පලතුරු ග්‍රෑම් 125
සාදාගන්නා ආකාරය
බටර් සහ සීනි එකට බීට් කර බිත්තර එකින් එක දමා සීනි දිය වනතුරු හොඳින් බීට් කර එයට බේකිං පවුඩර් දමාගන්න. සකසා ගත් පිටි මිශ්‍රණය ස්වල්පය බැඟින් එකතුකර තත්පර 45 ක් පමණ වැඩි වේගයෙන් බීට්කර අවසානයේ වියළි පලතුරු සහ තිරිඟු පිටි දමා කවලම් කර කේක් බැටරයට දමා මිශ්‍ර කරගන්න. අඟල් 8 තැටියට දමා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වය යටතේ මිනිත්තු 45 ක් බේක් කරගන්න.