අවශ්‍ය ද්‍රව්‍ය
- මැකරල් මාළු 4
- වියළි මිරිස් කරල් 7
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- සුදු ලූනු බික් 6
- ගම්මිරිස් ඇට තේ හැඳි 1 1/2
- කහ කුඩු තේ හැදි 1/4 ක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරාබු නැටි 2
- සීනි තේ හැඳි 1/2
- විනාකිරි මේස හැඳි 3
- ඔලිව් තෙල් මේස හැඳි 1
- බැදගැනීමට පොල් තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
විනාකිරි භාජනයකට දමා එයට වියළි මිරිස් කරල්, ඉඟුරු, සුදු ලූනු, ගම්මිරිස් ඇට, කුරුඳු පොතු සහ කරාබු නැටි දමා හොඳින් කලවම් කරගන්න. මෙය විනාඩි 30 – 45 ක කාලයක් විනාකිරිවල පොඟවා තබන්න. මාළු සුද්ද කර හොඳින් පිරිසිදු කර පිහියකින් හරහට ඉරි කපාගන්න.
ඉන්පසු විනාකිරිවල පෙඟවාගත් දෑ සමඟ ලුණු, සීනි, කහ කුඩු සහ ඔලිව් තෙල් එකතුකර බ්ලෙන්ඩ් කරගන්න. සාදාගත් පේස්ට් එක මාළුන්ගෙ ඇතුල් පැත්තේ හොඳින් තවරා විනාඩි 45 ක් විතර සීසන් වෙන්න හරින්න. තෙල් රත්වූ පෑන් එකකට මාළු දමා රන්වන් පාට වනතෙක් දෙපැත්ත හරවා බැදගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/riska-rasik-1.png)