අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සන් ග්‍රෑම් 500
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 2
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 3
- ඉඟුරු පේස්ට් මේස හැඳි 1/2
- සුදු ලූනු පේස්ට් මේස හැඳි 1
- රම්පෙ කරපිංචා
- සේර ස්වල්පයක්
- මිරිස් කුඩු තේ හැඳි 2
- මිටිකිරි අඬු කෝප්ප 1
- පොල්තෙල් මේස හැඳි 3
- රස අනුව ලුණු
- උළුහාල් සහ අබ මේස හැඳි 1/2 බැඟින්
සාදාගන්නා ආකාරය
ඉස්සන් වලිගය පමණක් ඉතිරි වන සේ පොතු ගලවා පිරිසිදු කරගන්න. තෙල් රත්වූ භාජනයකට අබ, උළුහාල් , ඉඟුරු, සුදු ලූනු එකතු කර දුඹුරු පැහැ වනවිට ලූනු, කරපිංචා, රම්පෙ සහ සේර එකතු කර බැදෙන්න හරින්න. දැන් තක්කාලි, මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍රකර තලපයක් සාදා මෙයට ඉස්සන් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. ඉස්සන් පාට වෙනස් වූ පසු මිටිකිරි එකතුකර උතුරවා ගන්න.
