අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 180
- වතුර මි.ලි 200
- කිරි මි.ලි 100
- සීනි මේස හැඳි 1
- බිත්තර 1
- දියකරගත් බටර් මේස හැඳි 2
- තමන් කැමති වර්ණයක කලරින්
- පයිපින් බෑග් 1
සාදාගන්නා ආකාරය
පළමුව කලරින් හැර අනිකුත් සියලුම දෑ එකට දමා කැට නොසිටිනසේ බ්ලෙන්ඩ් කර දියාරු මිශ්‍රණයක් සාදාගන්න. මෙම මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන්කර පාට යොදා පසුව මද ගින්දරේ රත් වූ පෑන් එකකට බටර් ස්වල්පයක් එකතුකර පෑන්කේක් මිශ්‍රණය පයිපින් බෑග් එකකට දමා එහි ඉතා සිහින් සිදුරක් කපා තැටියට ලේස් එකක ආකාරයට රවුමට පයිප් කර දෙපැත්ත දමා පිඟානකට අයින්කර රෝල් කර ගන්න.
