අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු සීනි ග්‍රෑම් 350
- ගාගත් පොල් ග්‍රෑම් 200
- වතුර මිලිලීටර් 120
- බටර් ග්‍රෑම් 30
- වැනිලා තේ හැඳි 1
- කිරි පිටි මේස හැඳි 3
- කැමති වර්ණයකින් කලරින්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පෑන් එකකට සීනි ස්වල්පයක් හා වතුර දමා සීනි දියවෙනතෙක් මද ගින්නෙ හැඳි ගාගන්න. මද වේලාවකට පසු පොල්, ඉතිරි සීනි, කිරිපිටි, ලුණු, බටර් හා කලරින් දමා අවශ්‍ය පදමට සාදා බටර් ගාගත් තැටියකට දමා තුනී කර නිවුණු පසු කෑලි කපාගන්න.