අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පොඟවා ගත් උඳු ඇට ග්‍රෑම් 250
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- සිහින්ව ලියාගත් කරපිංචා ඉති 1
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3-4
- සූදුරු තේ හැඳි 1/2
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- හාල් පිටි මේස හැඳි 1
- ලුණු තේ හැඳි 3/4
- ගම්මිරිස් තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
උඳුවලට වතුර එකතුකර හොඳින් ග්‍රයින්ඩ් කර බෝල් එකකට දමා හොඳින් විස්ක් කරගන්න. ලුණු එකතුකර හොඳින් විස්ක් කරන්න. ඉතිරි සියල්ලම දමා හොඳින් කලවම් කර තෙල් රත් වූ පෑන් එකකට පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැඟින් ගෙන බෝල සාදා මැද සිදුරක් සාදා තෙලට දමා බැදගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/11/chammi-imalka-1.png)