අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු කෝප්ප 1
- ලූනු ගෙඩි 2
- සුදු ලූනු බීක් 3
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- මිරිස් කුඩු තේ හැඳි 1
- කෑලිමිරිස් කුඩු තේ හැඳි 1
- කහ කුඩු ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පරිප්පු හොඳින් සෝදා පැයක් පමණ පොඟවා වතුර ඉවත් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට ලූනු, සුදුලූනු, ඉඟුරු, චොප් කරගත් කරපිංචා දමා තෙම්පරාදු කර එයට මිරිස්කුඩු, කෑලිමිරිස් කුඩු, කහ, ලුණු, පරිප්පු එකතුකර විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න. එය හොඳින් නිවා ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරගන්න. මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළවල ඔතා විනාඩි 20 ක් පමණ ස්ටීම් කරන්න.