අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 100
- තෙල් මේස හැඳි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැඳි 1/2
- අමුමිරිස් කරල් 2
- මිරිස් කුඩු තේ හැඳි 1 1/4
- කහ කුඩු තේ හැඳි 1/2
- තුනපහ කුඩු තේ හැඳි 3/4
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
- තක්කාලි ගෙඩි 1
- කරපිංචා ඉති 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පරිප්පු සෝදා විනාඩි 15 ක් පමණ වතුරේ පොඟවා පෙරා පසෙකින් තබන්න.තෙල් රත් වූ පෑන් එකකට ලූනු, ඉඟුරු, සුදුලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු සහ ලුණු කුඩු එකතු කර තෙම්පරාදු කරගන්න.
පසුව එයට පරිප්පු එකතු කර විනාඩි 2-3 ක් බැදෙන්න හැර තක්කාලි, කරපිංචා සහ වතුර කෝප්ප 2 ක් එකතුකර වැඩි ගින්දරේ පිස ගන්න.
තෙම්පරාදුවට
- තෙල් මේස හැඳි 1
- සූදුරු තේ හැඳි 1/4
- කරපිංචා ඉති 1
- කපාගත් වියලි මිරිස් කරල් 3
- මිරිස් කුඩු තේහැදි 1/4
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
සාදාගන්නා ආකාරය
පෑන් එකකට ඉහත සියල්ල දමා බැදෙන විට මිරිස් කුඩු එකතු කර පිසගත් පරිප්පු කරියට දමා කලවම් කර ගන්න.
