මෙවර යාපනය වෛද්‍ය සංගමය (JMA) සමග එක් වී යාපනය වෛද්‍ය පීඨයේ ශ්රවාණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය වෛද්‍ය සමත් ඩී. ධර්මරත්න එකතු වූ අතර උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ වෛද්‍ය පාලිත අබේකෝන්ය.
මෙවර සැසිවාරයේ මූලිකත්වය දැරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න සහ යාපනය වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය ක්‍රිශාන්ති රාජසූරිය යන අයයි. එම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය සජිත එදිරිසිංහ සහ යාපනය වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය මලයිනි ජේගතේසන් යන අයද එකතු විය. ඊට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරුන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සාමාජිකයන් රැසක්ද මෙවර සැසි වාරයට එකතු වී තිබීම විශේෂත්වයකි.
24 වැනිදා රාත්‍රියේ සමාරම්භක උත්සවයට සමගාමීව වෛද්‍ය ක්ෂේත්රය වෙනුවෙන් පර්යේෂණ සහ දැනුවත් කිරීම් කළ පිරිසක් උදෙසා සම්මාන ප්‍රධානය කිරීමක්ද පැවැත්වූ අතර අවසානයේ දමිළ සංස්කෘතියට ආවේණික සංස්කෘතිකාංග කිපයක්ද උත්සවයට එක් කර තිබුණි.
ඡායාරූප අනුග්‍රහය: යාපනය වෛද්‍ය සංගමය සහ වෛද්‍ය පිඨය