කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව ලෙස පසුගිය ජූනි 13දා ඔවුන් දඹානේ ආදිවාසී ගම්මානය ගොස් තිබුණි. හතර ශ්‍රේණියේ දියණියන් තම ජීවිතයේ පාසලෙන් ගිය ප්‍රථම අධ්‍යාපන චාරිකාව මෙය විය.
ආදිවාසීන් සමඟ කළ සුහද කතාබහ අතරතුර ජූනි 14 දිනට යෙදුන වන්නිලැ ඇත්තන්ගේ 77 වන ජන්ම දිනයට නර්තනයක් සමඟ සුභ පැතුම්ද සිසුවියෝ එක් කළහ.