ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණ බිග්බෑෂ් තරගාවලියේ ‘තරගවලියේ වීරයා’ සම්මානය දිනාගැනීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ චමරි අතපත්තු සමත්විය. ඇය ලකුණු 511ක් රැස් කරගැනීමට සමත් වූ අතර එයට හයේ පහරවල් 17ක් ඇතුළත් විය. එමෙන්ම කඩුළු 9ක්ද දවාගැනීමට ඇය සමත් වී ඇත.
ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් පිටියේ ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු සහ එකම ශ්‍රී ලංකා පිතිකාරිනිය වීමටද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පසුගියදා සමත්විය.