හදිසි අනතුරු ජාතික සමුළුව (National Trauma Conference – 2023) නොවැම්බර් 10 සහ 11 දෙදින තුළ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුවේ පූර්ණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය උපාලි පුවත්පත් සමාගමේ දිවයින, The Island, නවලිය පුවත්පත ලබාදෙයි.
National Trauma Conference හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලාකා සිං යන අය සහභාගී වෙයි.
මෙම සමුළුව සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහභාගි වීමට නියමිත අතර මේ සඳහා රටවල් හයක වෛද්‍යවරුන් සහභාගි වීමට නියමිතය.
මෙම සමුළුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ මෙහෙයවීම යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි අනතුරු පිළිබඳ ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මේ සඳහා අනුග්‍රහය දක්වයි.